මිත්‍රයෝ නොයෙක් ආකාර වෙති. අංග හතකින් යුත් මිත්‍රයා මිත්‍රයන් අතර ශ්‍රේෂ්ඨ වේ. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති පරිදි එම අංග හතකින් යුත් මිත්‍රයා සේවනය (ඇසුරු ) කළ යුතුය.
එම අංග හත නම්;
1. විපතට පත් තම මිත්‍රයා වෙනුවෙන් දීමට දුෂ්කර වූ දේ දෙයි.
2. තම මිත්‍රයා වෙනුවෙන් කිරීමට දුෂ්කර වූ දේ කරයි.
3. තම මිත්‍රයා නිසා ඉවසීමට දුෂ්කර වූ ගැරහුම් අලාභ ආදිය ඉවසයි.
4. තමාගේ කිය යුතු රහස් තම මිත්‍රයාට පවසයි.
5. කොපමණ මහත් ලාභයක් නිසාවත් විපතකින් මිදීම නිසාවත් අන් කරුණක් නිසාවත් තම මිතුරාගේ රහස් හෙළි නොකරයි.
6. තම මිත්‍රයාව විපතේදී අත් නොහරී.
7. තම මිත්‍රයා දිලිඳු වූ කල ඔහු පහත් කොට නොසලකා සැමකල්හිම එක ලෙස සළකයි.
මිත්‍රයෝ දෙවර්ගයකි.
1. මිත්‍ර ප්‍රතිරූපකයෝ හෙවත් පාප මිත්‍රයෝ
2. කල්‍යාණ මිත්‍රයෝ
පාප මිත්‍රයෝ හතර දෙනෙක් වෙති.
1. අඤ්ඤදත්ථුහර
අනුන්ට යහපතක් කිරීම වෙනුවට තමන්ගේ යහපත හා ප්‍රයෝජනය පිණිසම මිතුරන් ඇසුරු කරන්නා.
2. වචීපරම
ක්‍රියාවෙන් කිසිවක් නොකොට කතාවෙන් පමණක් අනුන්ට සංග්‍රහ කරන තැනැත්තා
3. අනුප්‍රියභාණී
අනෙකා කිරීමට යන හොඳ හෝ නරක දෙකම අනුමත කොට කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කථා කරන තැනැත්තා
4. අපායසහාය
පව්කම් කිරීමට එකතු වන තැනැත්තා
පාප මිත්‍ර ඇසුර පිරිහීමටත් විපතටත් හේතුවේ. උදාහරණ ලෙස මහධන සිටු පුත්‍ර කථාව හා අජාසත් රජ කථාව දැකිවිය හැක.
කල්‍යාණ මිත්‍රයෝ හතර දෙනෙක් වෙති.
1. උපකාරක
උපකාර වුවමනා තැනකදී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරාට උපකාර කරන තැනැත්තා
2. සමාන සුඛදුඃඛ
මිතුරාට වන සුවදුක් තමාට වන සුවදුක් ලෙස සලකන තැනැත්තා
3.අර්ථඛ්යායි
පාපයෙන් වැළැක්වීම, යහපතෙහි පිහිටුවීම ලෙස දෙලොව යහපත සිදු කරගැනීමට මග පෙන්වන තැනැත්තා
4.අනුකම්පක
සිය මිතුරාට මවක මෙන් අනුකම්පා කරන තැනැත්තා
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය බුදු රජාණන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලදී. සියලු දුකින් මිදීමටත්, ලෞකික හා ලෝකෝත්තර සම්පත්තීන් ලැබීමටත් එය බලවත් රුකුලකි.
(උ. ගැ. - පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි ගේ බෞද්ධයාගේ අත් පොත ග්‍රන්ථය පි. 241-246)
“තථාගතප්පවෙදිතො ධම්මවිනයො, භික්ඛවෙ, විවටො විරොචති, නො පටිච්ඡන්නො.” "මහණනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි." (අඬ්ගුත්තර නිකාය, තික නිපාත - භරණ්ඩු වර්ගය, 9 සූත්‍රය.)
Thursday, May 24, 2018
Subscribe to:
Post Comments (Atom)
-
ෂඩ් අසාධාරණ ඥාන 1. ඉන්ද්රිය පරෝපරියත්ථ ඥානය 2. ආසායානුසය ඥානය 3. යමක පාටිහාරි ඥානය 4. මහා කරුණා සමාපත්ති ඥානය 5. සම්බඤ්ඤුත ඥානය 6. ...
-
"සතර මාර්ගය, සතර ඵලය, නිර්වාණය නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය ...
-
රාජ්‍ය පාලනයේදී වැදගත් වන සංකල්ප රැසක් බුදුදහමෙන් පෙන්වා දී ඇත. ඒවා නම් සප්ත අපරිහානීය ධර්ම සතර සංග්‍රහ වස්තු සතර බ්‍රහ්ම විහරණ දසරාජ...
-
නිවන් ලැබිය හැක්කේ චතුරාය්‍යර් සත්‍ය ප්රත්යක්ෂ කිරීමෙන්ය. චතුරාය්‍යර් සත්‍ය ප්රත්යක්ෂ කරන්නාවූ ලෝකෝත්තර මාර්ග ඥනයට බෝධියයි කියනු ලැබේ....
-
අඹු දරුවන් පෝෂණය කරමින්, රැකියවන්හි යෙදෙමින් කාර්ය බහුල ජීවිතයක් ගත කරන මිනිසාට දිනපතා පින් දහම් කිරීමට ඉඩක් නොලැබේ. එබැවින් පැරැන්නන් විසි...
No comments:
Post a Comment