තෙවැදෑරුම් බෝධිය
1. සම්‍යක් සම්බෝධිය - ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ලබන්නාවු ඥානය
2. ප්‍රත්‍යේක සම්බෝධිය - පසේ බුදුවරයන් වහන්සේලා ලබන්නාවු ඥානය
3. ශ්‍රාවක බෝධිය - බුද්ධ ශ්‍රාවකයන් විසින් ලබන්නාවූ ඥානය
මෙම සම්බෝධියන්ට පමුණුවන කුශලයෝ පාරමිතා නම්වේ. එබැවින් සම්බෝධිය හෝ නිවන පතා කරන කුශලයෝ පාරමී ලෙස ගැනේ.
පාරමිතා දහයකි
1. දාන
2. ශීල
3. නෛෂ්ක්‍රම්‍ය
4. ප්‍රඥා
5. වීය්‍යර්
6. ක්ෂාන්ති
7. සත්‍ය
8. අධිෂ්ඨාන
9. මෛත්‍රී
10. උපෙක්ෂා
මේ එක් පාරමිතාවක් නැවත උප පාරමිතාය, පරමාර්ථ පාරමිතාය ලෙස බෙදේ.
ඒ මෙසේය.
පුත්‍රදාරාවන් හා බාහිර වස්තු දන් දීම දාන පාරමිතාව වේ.
තමාගේ ලේ මස් ඇස් ඉස් දන් දීම උප පාරමිතා වේ.
ජීවිතය පරිත්‍යාග කිරීම පරමාර්ථ පාරමිතා වේ.
මෙලෙස පුත්‍රදාරාවන් හා බාහිර වස්තු වශයෙන්ද, තමාගේ ලේ මස් ඇස් ඉස් වශයෙන්ද, ජීවිතය පරිත්‍යාග කිරීම වශයෙන්ද ගෙන කරන්නාවු කුශලයන් තිස් ආකාරයකි. එය සමතිස් පාරමිතා නම් වේ.
ලොවුතුරා බුදු බවට පැමිණීමට මෙම පාරමිතා සමතිසද, පසේ බුදු බවට පැමිණීමට පාරමිතා දශය හා උප පාරමිතා දශයද පිරිය යුතුය. ශ්‍රාවක බෝධිය පතනුවන් විසින් පාරමිතා දශය පිරීමම ප්‍රමාණ වේ.
වැඩි විස්තර සඳහා පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිගේ පාරමිතා ප්‍රකරණය පොත බලන්න.
No comments:
Post a Comment